පක්ෂ දියුණු කරන්න පෙර රට දියුණු කළ යුතුයි


(අංජුල මහික වීරරත්න)

රට ලෝකයත් සමග ඉදිරියට ගෙනයාමට අවශ්‍ය නම් ඒ සඳහා  අණ පනත් සම්මත කරගත යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා පැවසීය.

දේශපාන පක්ෂ දියුණුකර ගැනීමට පෙර මුලින්ම තමන්ගේ රට දියුණුකර ගත යුතු බව අබෙිවර්ධන මහතා කීය.

පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීම ගැන ඇතැම් දේශපාලන නායකයින් විවිධ කතා කියන බව පැවසූ අබෙිවර්ධන මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙන්ම  අනෙකුත් මූල්‍ය ආයතන සමග  සාකච්ඡා මාර්ගයෙන් ඇති වූ ආර්ථික වෙනස්කම් සහ අවසාන ඉලක්කයන් ජයගෙන තිබෙන නිසා ඒ සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති රාමුව පිළිබඳ නැවත පාර්ලිමේන්තුව සිහි කැඳවිය යුතුව තිබෙන බව අබෙිවර්ධන මහතා පැවසීය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අබෙිවර්ධන මහතා මේ බව කීය.