පක්ෂ තනතුරු එපා ජනතා තනතුරු තිබේ


එක්සත් ජාතික පක්ෂ රජයක් පිහිටැවීමට ඇප කැපවන නමුත් කෘත්‍යධිකාරි මණ්ඩල සාමාජිකත්වය ඉල්ලා ඉල්ලුම්පත් නොයවන බවත් දැන් තමා පාක්ෂිකයන්ගේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකත්වය ලබා සිටින බවත් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක කරු ජයසුරිය මහතා කිරුලපොනේ අංක 74 දරණ ස්ථානයේ නව කාර්යාලයය විවෘත කරමින් ප්‍රකාශ කෙළේය. ඩී.ඇස්. සේනානායක මහතාගේ සිට රනිල් වික්‍රමසිංහ මහතා දක්වා පක්ෂයේ සියලු හිටපු අගමැතිවරුන්ගේ ඡායාරූප ද එහි එල්ලා ඇත.