බිඟුන් මේනක ගමගේ
දේශපාලන පක්ෂ සියල්ලේම වාර්ෂික ගිණුම් වාර්තා, ප්‍රතිපත්ති ප්‍රකාශ හා පක්ෂ ව්‍යවස්ථා සිය වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත.
තොරතුරු දැනගැනීමේ පනත යටතේ මෙම තොරතුරුවලට අදාළ පුරවැසි ඉල්ලීම් දිනෙන් දිනම වැඩි වන බැවින් ඔවුන්ට පහසුවෙන් තොරතුරු ලබාගැනීම සඳහා මෙම තීරණය ගත් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
අදාළ තොරතුරු වෙබ් අඩවියට ඇතුළත් කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් සියලුම දේශපාලන පක්ෂ දැනුවත් කිරීමට මේ වනවිටත් පියවර ගෙන ඇති බව ද සභාපතිවරයා කීය.
අදාළ දැනුවත්කිරීමට අදාළ ප්‍රතිචාර සතියක් ඇතුළත බලාපොරොත්තු වන බවත් ඒ අනුව ඉදිරි සති දෙක ඇතුළත මෙම තොරතුරු මහජන ප්‍රසිද්ධිය උදෙසා වෙබ් අඩවියට ඇතුළත් කරන බවත් මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

