වල් අලි පැටවුන් අනවසරයෙන් අල්ලා ගැනීමේ පරීක්ෂණ සදහා තවත් කාලයක් අවශ්‍ය බව වනජීවී දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා හමුවේ අද (23) සිටියේය.
එවැනි අලි පැටවකු ව්‍යාජ බලපත්‍රයක් මත ඇලන් මැතිනියාරාමයේ ඇතැයි ද, උඩුවේ ධම්මාලෝක හිමියන්ගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇතැයි ද, පසුගිය ජනවාරියේ මෙම අලි පැටවා එහි රැගෙන ආ බව කියන සිද්ධිය පරීක්ෂණ අවසන් නැතැයි ද නිලධරයෝ අධිකරණයට දැන්වූහ.
එම අලි පැටවා දැන් පින්නවල සිටින බවත් රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.
විභාගය ලබන 20 වැනි දා ට කල් තැබිණි.

