(රංජිත් රාජපක්‍ෂ )
නොර්වුඩ් වතුකරයේ ප‍්‍රධාන දේශපාන පක්ෂ දෙකක ආධාරකරුවන් හා ප‍්‍රාදේශිය සභා මන්ති‍්‍රවරුන් පිරිසක් අතර ඇතිවු ගැටුමට සම්බන්ධ බවට සැකකෙරෙන එම දේශපාලන පක්ෂ දෙකෙහිම ආධාරකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන හැටන් දිසාවිනිසුරු සහ මහේස්ත‍්‍රාත් ටි. සරවනරාජා මහතා වෙත ඉදරිපත් කිරිමෙන් අනතුරුව සැකකරුවන් දෙදෙනා ලබන මස 11 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරිමට මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.
ඉකුත් (28) වැනිදා මස්කෙළිය ප‍්‍රාදේශිය සභාවට නව සභාපතිවරයා පත්කර ගැනිම සමිබන්ධයෙන් එම දේශපාලන පක්ෂ දෙක අතර ඇතිවු මත භේදයක් හේතුවෙන් එදිනම පස්වරුවේ නොර්වුඩි ප‍්‍රදේශයේදි දෙපාර්ශවය අතර ගැටුමක් ඇතිවිය.
ගැටුමෙන් පසු නොර්වුඩි ප‍්‍රාදේශිය සභාවට තේරි පත්වු ලංකා කම්කරු කොංග‍්‍රසයේ සභිකයින් දෙදෙනෙකු හා එම පක්ෂයේ ආධාරකරුවන් දෙදෙනෙකුත් කම්කරු ජාතික පෙරමුණේ ප‍්‍රාදේශිය සභා සභිකයෙකු ඇතුළු පස්දෙනෙකු තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුළු කිරිමෙන් පසු එක් ප‍්‍රාදේශිය සභා සභිකයෙකු වැඩි දුර ප‍්‍රතිකාර සදහා නාවලපිටිය මුලික රෝහලට යවා තිබිණි.