නොසැලකිල්ලට සැරම බේතක් දෙන්න හදයි


නොසැලකිල්ලෙන් හා අපරික්ෂාවෙන් කෙනකුගේ මරණයක් සිදු කළ හොත් අපරාධ නීතිය යටතේ නඩු පවරන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතා සියලු පොලිසිවලට දැනුම් දී ඇත.

මහ පාරට කුණු කසල දැමීම, කළු ගල් වැනි දෑ දැමීම, වළක් හෝ කාණුවක් කැපීම, එසේත් නැත්නම් අනවසර විදුලි රැහැනක් ඇදීම වැනි ක්‍රියා වලින් කෙනකුගේ මරණය සිදු වුවහොත් එම නොසැලකිලිමත් ක්‍රියාව කළ පුද්ගලයාට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.