(යොහාන් භාසුර)
නොරොච්චෝලේ ලක්විජය තාප බලාගාරයේ තුන්වැනි ජනන යන්ත්‍රය නැවතත් ජාතික විදුලි පද්ධතියට අද (11) එක්ක කළ බව ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.
මෙම විදුලි ජනන යන්ත්‍රයෙන් මෙගාවොට් 270 ක විදුලි ප්‍රමාණයක් ජාතික විදුලි පද්ධතියට එකතු වන බව ද එම නිලධාරියා කීය.
පසුගිය සෙනසුරාදා එම විදුලි බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය අක්‍රීය වීමත් සමඟ ජනන යන්ත්‍ර තුනම දින දෙකක් අක්‍රීයව පැවැති අතර දෙවැනි යන්ත්‍රය පසුගිය නොවැම්බර් මස 18 වැනිදා අක්‍රීය විය.

