නොරොච්චෝල බලාගාරයේ එක් යන්ත්‍රයක් නතර කරයි


(රංජන් කස්තුරි)

නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් ක්‍රියාවිරහිත කර තිබේ.

නොරොච්චෝල බලාගාරයේ මෙගාවොට් 300ක් වන තුන්වන ජනන යන්ත්‍රය නඩත්තු කටයුතු වෙනුවෙන් නතර කර තිබෙන බව ද විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා කියයි

සති දෙකක පමණ කාලයක් එම ජනන යන්ත්‍රය ක්‍රියා විරහිත කර තිබෙන බව ද ඔහු පවසයි.

තවත නොරොච්චෝල බලාගාරයේ පළමු ජනන යන්ත්‍රෙය් නඩත්තු කටයුතු  ජූනි මස 15 වැනි දින ආරම්භ කරන බව ද සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කරයි.