(කල්පිටිය පද්මා කුමාරී කංකානම්ගෙ )
නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයෙන් උද්ගතව ඇති, වත්මන් පාරිසරිකගැටලු සහ නිරිත දිග මෝසම් සුළං සමයේ දී ඇතිවිය හැකි පාරිසරික ගැටලු හේතුවෙන් බලාගාරය අවට ගම්මාන කිහිපයක ජනතාව සිය විරෝධය පළකර සිටියහ.
පනයඩිය ප්‍රදේශයේ ගොවියෙකු වූ කදිරගාමන් පුෂ්පනාදන් මහතා පවසා සිටියේ විදුලි බලය ජාතික අවශ්‍යතාවයක් නිසා, තමුන් ඊට එරෙහි නොවන බවයි.
නොරොච්චෝල බලාගාරය අවට ගම්මාන රැසක ජනතාවට උද්ගතව ඇති සෞඛ්‍ය, ආර්ථික සහ පාරිසරික ගැටළු සඳහා අඳ, ගොලු, බිහිරි පිළිවෙතක් දැරීම සංවේගයට කරුණක් බවත් ඉදිරියේ දී ජනතාවගේ ගැටලුවලට නිසි විසඳුම් නොලැබුණොත් මහපාරට බසින බවත් ඒ මහතා පැවැසීය.
වාරිමාර්ග, ජල කලමනාකරණ සහ ආපදා කලමනාකරණ රාජ්‍ය ඇමති රංගේබණ්ඩාර මහතා විරෝධතාකරුවන් හමුවෙමින් විදුලි බල මණ්ඩලයේ ඉහළ නිලධාරීන්, සිවිල් සංවිධාන සහ ප්‍රදේශවාසී ජනතාව දේශපාලන අධිකාරිය සමග කථා බහ කිරීමට අවස්ථාවන් ලබාදෙන බවට පොරොන්දුවක් ලබා දීමෙන් පසු ජනතාව විසිර ගියහ.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාවේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් ඇතුලු පරිසර සංවිධාන රැසක සාමාජිකයින් සහභාගී විය.