නොරටුන්ගේ ප්‍රශ්නයට ඕස්ට්‍රේලියානුවෝ ගහ ගනිති


ඕස්ට්‍රේලියාවට එන විදේශිකයින් වෙනුවෙන් ඕස්ට්‍රේලියානුවෝ ගැටුමකට මැදි වී සිටිති. විදේශිකයිනට එහි එන්නට ඉඩ දිය යුතු බව පිරිසක් කියති. තවත් පිරිසක් ඊට එරෙහි වෙති.  මේ දෙපිරිස අතර වු මත ගැටුම, ගැටුමක් දක්වා පැතිර ගියේය.

සරණාගතයන් ලෙස ඕස්ට්‍රේලියාවට පැමිණ සිටින පුද්ගලයන්ට වර්ගවාදී ලෙස සැළකීමෙන් රජය වරදක් කරන බව පවසමින් වික්ටෝරියා ප්‍රාන්ත පාර්ලිමේන්තුව ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැතියේය. සිවිල් සංවිධාන මෙහෙයවීමෙන් 3,500ක් පමණ එයට සහභාගී වූහ. මේ අතර සංවිධානාත්මක 100ක පමණ පිරිසක් එහි පැමිණ කෝලාහල කරන්නට වූයෙන් පොලිසිය මැදහත්ව ඔවුන් ඉවත්කර උද්ඝෝෂණය කරගෙන යන්නට ඉඩ දෙන ලදී.

ශ්‍රී ලාංකිකයෝ ද බොහෝ පිරිසක් ඕස්ට්‍රේලියාවේ සිටිති. ඕස්ට්‍රේලියාවේ වීසා ලබාගැනීමට ශ්‍රී ලාංකිකයෝ බොහෝ පිරිසක් පෙළඹෙති.  ඒ සඳහා ඔවුන් තෝරා ගන්නේ ජීවිතයත් මරණයත් අතර සටනකි.  ජාවාරම් කාරයින්ට සල්ලි දී අනාරක්ෂිත ලෙස මුහුදු මාර්ගයෙන් එහි යෑමට උත්සහ කරති.  ඕස්ට්‍රේලියා රජය ද මේ ක්‍රියාවට විරුද්ධව නැගී සිටියි.  ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ගන්නා විසැඳුම්වලට ඕස්ට්‍රේලියා රජයේ සහය ද ලැබේ.

196 197 198 199 200 201  202  203   204 205