නොයෑමත් ප්‍රශ්නයක්


2014 ජනවාරි 04 වැනි දා විශ්‍රාම යෑම නියමිතව සිටි බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශ  නියෝජ්‍ය ලේකම්වරයකු තවම සේවය කරතියි ද, එය 24/2011 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය උල්ලංඝණය කිරීමකියි ද කියමින් ලංකා ගුරු සංගමය අද බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට පැමිණිලි කළේය.

අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු පන්තියේ නිලධාරීන් සිටිය දී අධ්‍යාපන පරිපාලන සේවයේ දෙවැනි පන්තියේ නිලධාරියකු එලෙසද රඳවා ගැනීම යුක්ති සහගත නොවන බව ද , ඔහුගේ සේවා කාලය දීර්ඝ කිරීම මගින් සුදුසුකම් ඇති නිලධාරීනට අසාධාරණයක් සිදු වන බව ද  සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි.