මෛත්‍රිපාල සිරිසේන ජනපතිගේ දින සියයේ වැඩසටහනේ පොරොන්දුවක් පරිදි රටපුරා නොමිලේ වයිෆයි කලාප ඇති කිරීම අරඹමින් අද (30) කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වයිෆයි නිදහස් කලාපයක් ආරම්භ කෙරිණි.
විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර, අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර හා විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති අජිත් පී.පෙරේරා යන මහත්වරුන්ද උත්සවයට එක්වූහ.
කොළඹට අමතරව යාපනය, ගාල්ල, මාතර, පොළොන්නරුව හා රත්නපුර නගරවලද තවත් ස්ථාන විස්සක පමණද නිදහස් වයි ෆයි කලාප ආරම්භ වීමට නියමිතය. පළමු වටයේදී කොළඹ හා යාපනයට නිදහස් වයි ෆයි කලාප ලබාදීම අද ඇරඹුණු අතර රට පුරා සියලු දිස්ත්‍රික්කවල ජනානුපාතය අනුව ඉදිරියේදී මෙම කලාප ඇතිකරන බව රජය කියයි.
ආරම්භයක් ලෙස තත්පරයට කිලෝ බයිට් 512 ක වේගයකින් යුතුව මෙගා බයිට් 100ක සීමාවකට යටත්ව ස්ථාන දහසකදී නිදහස් වයි ෆයි පහසුකම් සැපයේ.
ඉන්දීය හිටපු අගමැති මන්මෝහන් සිං මෙන්ම වත්මන් අගමැති නරේන්ද්‍ර මෝදි ද නව තාක්ෂණය සම්බන්ධයෙන් දැඩි ප්‍රායෝගික උනන්දුවක් දක්වති.
ඡායාරූප - ශාන්ත රත්නායක















