නොමිලේ අන්තර්ජාල පහසුකම් සපයන ‘වයිෆයි‘ කලාප සක්‍රිය කළ මාර්තු 30 වැනිදා සිට දින පහකදී ග්‍රාහකයින් 1693 දෙනකු එහි ප්‍රතිලාබ හිමිකර ගත් බවට දත්ත ලැබී ඇතැයි තොරතුරු තාක්ෂණ සන්නිවේදන නියෝජිතායතනයේ වැඩසටහන් කළමනාකාර ගවෂ්කාර් සුබ්‍රමනියම් මහතා පැවසීය.
රටපුරා සක්‍රිය කළ වයිෆයි කලාප විසිහයෙන් මෙම දත්ත ලැබී ඇත. මේ අය මෙගා බයිට් 41,701 ක් පරිහරණය කර ඇත.
යාපනය පුස්තකාල පරිශ්‍රයේදී පනස්දෙනකු වයිෆයි ප්‍රතිලාභය ලබා ඇත. වයිෆයි කලාප වැඩිම සංඛ්‍යාවකින් ප්‍රතිලාභ ලබාගෙන ඇත්තේ කොළඹ ප්‍රදේශයේ ජනතාව බවටත් හෙළිදරව් වී ඇත.
මාර්තු 30 දා කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී ප්‍රථම වයිෆයි කලාපය සක්‍රිය කළේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දින සියයේ වැඩසටහනේ පොරොන්දුවක් ඉටු කිරීමක් ලෙස වයිෆයි කලාප සක්‍රිය කෙරුණි. තවත් වයිෆයි කලාප දහසක් අගෝස්තු මාසය තුළදී සක්‍රිය කිරීමට ක්‍රියාකරගෙන යයි.

