කාශ්මීරයේ ප්‍රශ්නය විසඳන පුද්ගලයා වන්නේ කවුරුන්ද ඔහුට නොබෙල් ත්‍යාගය හිමිවිය යුතු බව පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මහතා පවසයි.
කලාපයේ සාමය උදෙසා දැක්වූ දායකත්වය වෙනුවෙන් තමන්ගේ නම නොබෙල් සාම ත්‍යාගය සඳහා යෝජනා කිරීම සම්බන්ධයෙන් පාකිස්තානු අගමැතිවරයා මෙසේ පවසා සිටියේය.
"මා නොබෙල් සාම ත්‍යාගයට සුදුසු අයෙක් නෙමේ. කාෂ්මීර ජනතාවගේ සිතුම් පැතුම් වලට ගැලපෙන විසඳුමක් කාෂ්මීර ප්‍රශ්නයට ලබාදී අර්ධද්වීපයේ සාමය සහ මානව සංවර්ධනයට මඟ සලසන්නේ කවුරුන්ද මෙම ත්‍යාගයට සුදුස්දා වන්නේ ඔහුය" යයි අගමැතිවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා තිබිණ.
පාකිස්තානු පාර්ලිමේන්තුව අමතමින්, අගමැති ඉම්රාන් ඛාන් මහතා කියා සිටියේ සාමය සඳහා වන පියවරක් වශයෙන් ඉන්දීය ගුවන් හමුදාවේ වින්ග් කමාන්ඩර් අභිනන්දන් වර්ධමාන් නිදහස් කරන බවයි.
කාශ්මීරයේ පුල්වාමා ප්‍රදේශයේදී ඉන්දීය ආරක්ෂක අංශ ඉලක්ක කරගනිමින් එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ඉන්දීය සොල්දාදුවෝ 40 දෙනෙක් මිය ගියහ. එම ප්‍රහාරයට පසු පෙබරවාරි 26 වැනිදා ඉන්දියාව පාකිස්ථානයේ පිහිටි ත්‍රස්තයන්ගේ විශාලම පුහුණු කඳවුරට ගුවන් ප්‍රහාර එල්ල කළ අතර ඊළග දිනයේදී පාකිස්ථානය ප්‍රතිප්‍රහාර දුන්නේය.
පසුගිය බදාදා කාශ්මීර් ප්‍රදේශයෙන් තම ගුවන් සීමාවට ඇතුළු වූ ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානා දෙකක් වෙඩි තබා බිම හෙලූ පාකිස්ථානය එෆ් 16 ජෙට් යානයට පහර දුන් ඉන්දීය මිග් - 21 යානා 8 න් එකක නියමුවා අල්ලා ගත්තේය.
කෙසේ වෙතත් සාමයට දෑත් දිගු කිරීමක් ලෙස සිකුරාදා දිනයේ ඉන්දීය දේශ සීමාවේදී වින්ග් කමාන්ඩර් අභිනන්දන් වර්ධමාන් නිදහස් කරන ලදි.
ද හින්දු ඇසුරෙනි
63226

