නොනගතය තෙක්ම සාප්පු සවාරි


අද පස්වරු 12.52 ට නොනගතය ලබන තුරුම ගාල්ලේ කඩ සාප්පු මහජනයාගෙන් පිරී පැවතිනි. අවුරුද්දට අළුත් ඇදුම් ගැනීමට බොහෝ දෙනා පැමිණ සිටියහ. අවුරුදු චාරිත්‍ර ඉටුකිරීමට අවශ්‍ය අළුත් වළං, කැවුම් කොකිස් ආදී සම්ප්‍රදායික කැවිලි ද විකිණීමට තිබිණි. සුනාමි අනතුරු ඇගවීම හේතුවෙන් බොහෝ දෙනාට අවුරුදු සාප්පු සවාරි යාමට නොහැකිවීම නිසා අද කඩ සාප්පු විවෘතව තැබිණි.