මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට නාම යෝජනා බාර දීමට පැමිණි කණ්ඩායම් කොටස් දෙකකට කැඩී ඇති බවක් දක්නට ලැබිණි.
ගම්පහ දිස්ත්‍රිත් කණ්ඩායම් නායක ෆීලික්ස් පෙරේරා, සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ, ලසන්ත අලගියවන්න සහ පණ්ඩු බණ්ඩානායක යන අපෙක්ෂකයෝ වෙනම ආහ. වෙනම ගියහ.
බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග, නිමල් ලංසා සහ සරත් කුමාර ගුණරත්න ඇතුළු පිරිසක් වෙනම කණ්ඩායමක් සේ සිටියහ.
නාමයෝජනා බාර දීමෙන් පසු ප්‍රසන්න රණතුංග මහතා තමන් දිස්ත්‍රික් ලේකම් කාර්යල භූමියෙන් පිටතට පැමිණ මහ පාරේදී ජනතාව ඉදිරිපිට විශේෂ ප්‍රකාශයක් කරන බව මාධ්‍යවේදීන්ට කීවේය.
ඉන්පසු ෆීලික්ස් පෙරේරා මහතා දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ තරප්පු පෙළ පාමුලට පැමිණියේය. සුපුරුදු මාධ්‍ය අමතන ස්ථානය එය වන බැවින් ඔහු එතැන සිට මාධ්‍ය ඇමතීමට සුදානම් විය. එම ස්ථානයට සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මියද, ලසන්ත අලගියවන්න මහතාද, පණ්ඩු බණ්ඩානායක මහතාද පැමිණ සිටියද ප්‍රසන්න රණතුංග මහතා පැමිණියේ නැත.
පසුව ෆීලික්ස් පෙරේරා මහතා රණතුංග මහතාට පණිවිඩ කිහිපයක්ම යැවු මුත් එම ස්ථානයට රණතුංග මහතා විනාඩි හත අටක් යන තුරුත් පැමිණියේ නැත. ඔහු එනතුරු බලා සිටි ෆීල්ක්ස් පෙරේරා මහතා පසුව මාධ්‍ය ඇමතුවේය. සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය ද කතාවක් කළාය.
ප්‍රසන්න රණතුංග ඇතුළු පිරිස ඉන් පසු කච්චේරියෙන් එළියට පැමිණ මාධ්‍ය ඇමැතූහ.



