නොදරුවන්ටත් මත්කුඩු


කොළඹ අවට පාසලක 4 වැනි වසරේ සිසුන් තිදෙනකු ලොසින්ජර ආකාරයෙන් සකස් කළ මත් පෙති කෑමෙන් රෝගාතුරව රෝහල් ගත කරනු ලැබ ඇතැයි රෝහල් ආරංචි කියයි.

අසාමාන්‍ය හැසිරීමක් පෙන්වූ මෙම දරුවන්ගෙන් දෙදෙනකු නිවුන් සොහොයුරන් බවද කියති.

ගංජා මිශ‍්‍ර බාබුල් ඉතා සූක්ෂම ලෙස  සිසුන්ගේ සිත් ගන්නා ලෙස සකස් කර පාසැල් සිසුන් අතර බෙදාහැරීමේ ජාවාරමක් සොයාගත් බව අලවතුගොඩ පොලීසිය කියයි.

මෙලෙස සකස් කරන ලද බාබුල් මිලිග‍්‍රෑම් 12 000 ක් සමඟ අවුරුදු  17 ක උසස් පෙළ සිසුවකු අකුරණ දී අත් අඩංගුවට ගැනීමත් සමඟ මෙම තොරතුරු හෙළි වී ඇත.