නොතැබෙන මුල් ගලට විරෝධය


පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුව සඳහා මෙරටට පැමිණෙන බ්‍රිතාන්‍ය ඔටුන්න හිමි චාල්ස් කුමාරුගේ ප්‍රධානත්වයෙන් එංගලන්තයේ ‘ලැන්තෂෙයාර්‘ විශ්ව විද්‍යාලයයට අනුබද්ධ මීරිගම ප්‍රදේශයේ පෞද්ගලික විශ්ව විද්‍යාලයට මුල් ගල් නොතබන බව ශ්‍රී ලංකා බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයය කියයි.

විශ්ව විද්‍යාලයය ඉදිකිරීමට විරෝධය පාමින් එක්සත් සමාජවාදී ශිෂ්‍ය සංගමය විශේෂ විරෝධතා පෙත්සමක් මරෙට මහාබ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයයට භාර දුන්නේ ය.

එහි ජාතික සංවිධායක වෛද්‍ය නලීන් ජයතිස්ස මහතා විසින් එම පෙත්සම බ්‍රිතන්‍ය මහ කොමසාරිස් කාර්යාලයයේ ප්‍රධාන ලේකම් මයිකල් හල්ෆික් මහතාට භාර දෙන ලදී.