නොඑන අය ගේන මන්තරේ මහා ඇමැති ළඟ


සම්බන්ධීකරණ කමිටු රැස්වීමට නොඑන අම්බලන්ගොඩ ලංගම ඩිපෝ අධිකාරී මීළඟ රැස්වීමට කැඳවා ගන්නා ගුරුකම දකුණු පළාත් මහා ඇමැති ශාන් විජයලාල් ද සිල්වා මහතා අම්බලංගොඩ ප්‍රාදේශීය ලේකම්ට කියා දුන්නේය. ‘ඔබතුමා බුලත් අතට දී ඩිපෝ අධිකාරීම වැඳලා හරි මේ රැස්වීමට එන්න කියන්න. එයා මේ රැස්වීමට නොඑන්නේ ලොකු මිනිහෙක් වෙන්න ඇති. මීළඟ රැස්වීමට නොපැමිණියොත් ඒකත් කියන්න‘ යනුවෙන් මහ ඇමැති උපදෙස් දුන්නේය.