
(එම්. සුසිල් ප්‍රියන්ත)
මනුෂ්‍ය ඝාතන රැසක් හා මත් කුඩු ජාවාරම් කිරීම ඇතුළුව අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින අහුන්ගල්ලේ නේවි මදුෂාන් නමැති පාතාල නායකයාගේ පියා වෑන් රථයකින් පැහැර ගෙන ගිය කණ්ඩායමේ තිදෙනෙක් දෙනෙක් අද (19) ඇහැලියගොඩදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව අහුන්ගල්ල පොලීසිය කියයි.
මත් කුඩු ජාවරමක් සම්බන්ධයෙන්වූ ප්‍රශ්නයකට නේවු මදුෂාන් ඝාතනය කිරීමට තවත් මත් කුඩු ජාවරම්කාරයින් පිරිසක් මීට දින කිහිපයකට උඩදී අහුන්ගල්ලට පැමිණ ඔහුව සොයා ගැනීමට නොහැකිවූ තැන නිවසේ සිටි ඔහුගේ පියා වෑන් රථයකින් පැහැරගෙන ගොස් තිබූ බවත් පොලීසිය කියයි.
පසුව පැහැරගෙන ගිය නේවි මදුෂාන්ගේ පියා ඇහැලියගොඩ ප්‍රදේශයේ නිවසක සිරකර ගෙන සිටියදී ඇහැලියගොඩ පොලීසිය විසින් නිදහස් කරගෙන ඔහු පැහැර ගැනීමට සහභාගීවූ කණ්ඩායමේ එක් අයෙකු සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගෙන තිබූ බවද පොලීසිය කියයි.
එම පැහැර ගැනීම සිදු කළ කණ්ඩායමේ ප්‍රධාන සැකකරු ඇතුලුව අනෙක් සිව්දෙනා සැගව සිටි බවත් තමන්ට ලද තොරතුරක් මත ඔවුන්ගෙන් තිදෙනෙක් අද (19) ඇහැලියාගොඩ සැගව සිටියදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ප්‍රධාන සැකකරු මෙහිදී අත් අඩංගුවට ගැනීමට නොහැකිවූ බව පවසන පොලීසිය ඔහුවද කොටුකර ගැනීමට පරීක්ෂණ ආරම්භ කළ බවද කියයි.
අහුන්ගල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.ජයතිලක, අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රෂින්ත යන මහත්වරුන් කණ්ඩායමක් මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වති.

