නේපාල යුද හමුදාපති මුලතිව් ආරක්ෂක ප්‍රධානීන් හමු වෙයි



                       
(රොමේෂ් මධුෂංඛ)

නේපාල රජයේ යුද හමුදාපති ජනරල් රාජෙන්ද්‍ර චෙට්රි මහතා අවසන් යුද්ධය පැවති මුලිතිව්හි වත්මන් තත්ත්වය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම වෙනුවෙන් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක් විය.

මෙම නිරීක්ෂණ චාරිකාව පසුගිය 21 වැනි දා සිදුව ඇති අතර එහිදී නේපාල යුද හමුදාපතිතුමන් පිළිගනු ලැබුවේ මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ආර්.ඩබ්ලිව් රාජගුරු මහතා විසිනි.

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයට පැමිණි නේපාල යුද හමුදාපති පසුව මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ දේශන ශාලාවේදී මුලතිව්හි වත්මන් වාතාවරණය හා නැවත පදිංචි වැසියන් වෙනුවෙන් රජයත් ආරක්ෂක අංශත් විසින් සිදු කරන සංවර්ධන වැඩසටහන් සම්බන්ධයෙන් මුලතිව් ආරක්ෂක නිලධාරීන් විසින් නේපාල යුද හමුදාපති වරයා දැනුවත් කරනු ලැබීය.