දීපා අධිකාරි /ටී.කේ.ජී. කපිල
එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් සමාප්ති උළෙලට සහාභාගී වීමට නේපාල ජනාධිපතිනී බිද්‍ය දේවී භන්දාරි මහත්මිය මීට සුළු මොහොතකට කලින් කටුනායක ගුවන්තොටුපොළින් ශ්‍රී ලංකාවට පැමිණියාය. අමාත්‍යවරුන් වන තලතා අතුකෝරළ සහ විජයදාස රාජපක්ෂ විසින් ඇය පිළිගනු ලැබීය. මහනුවර ශ්‍රී දළදා වහනසේ වැඳපුදා ගැනීමෙන් පසු නෙළුම්පොකුණේ අද සවස පැවැත්වෙන සංස්කෘතික සංදර්ශනය නැරඹීමට ද ඇය සහභාගී වනු ඇති. එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් සමාප්ති උත්සවය හෙට (14) මහනුවරදී පැවැත්වීමට නියමිතය.

