නෙළුම් කුළුණ ගැන කෝප් කමිටුවෙන් පූර්ණ විමර්ශනයක්


(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)
 
 නෙළුම් කුළුණ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව පිරිනැමීමේ සිට එහි සියලු කටයුතු සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) අද (18) තීරණය කළේය.
 
 ඒ අනුව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ඇතුළු අදාළ අනෙකුත් ආයතන ඉතා ඉක්මනින් කෝප් කමිටුව හමුවට කැඳවන  බව එහි සභාපති සුනිල් හදුන්නෙත්ති මහතා  පැවසීය.