නෙළුම් කුලුනෙහි වාණිජ මෙහෙයුම් මාර්තුවේ සිට


නෙළුම් කුලුනෙහි වාණිජ මෙහෙයුම් කටයුතු මාර්තු මාසයේ දී ඇරැඹිමට නියමිත බව  විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

දකුණු ආසියාවේ දෙවැනි උසම  ස්ථානය වන  මෙම කුලුනෙහි  උස මීටර් 350 ක් වන අතර, වර්ග මීටර 30,600 ක වපසරියකින් යුක්ත වේ. මෙය ශ්‍රී ලංකාවේ උසම කුලුන ලෙසද නම් කර ඇත.
 
මෙම  ඉදිකිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 104  ක් වන අතර ඉන්  80%  මුදලක් චීනයේ  එක්සිම් බැංකුව විසින්  දරනු ලබයි.
 
මේ වන විට කුලුනෙහි අවසන් අදියරේ කටයුතු  නිම වෙමින් පවතින බව  ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයා සඳහන් කරයි.

අවන්හලක්, ටෙලි සන්නිවේදන කෞතුකාගාරයක්, ආපන ශාලාවක්, සුපිරි වෙළඳසැල්, සම්මන්ත්‍රණ ශාලා, ශ්‍රවණාගාර ,  සුඛෝපභෝගී හෝටල් කාමර, උත්සව ශාලා  සහ නිරීක්ෂණ මැදිරි ද වලින් සමන්විත වේ. 
 
කුලුනට ඇතුළු වීම සඳහා දොරටු හතරක්  පවතින අතර ඉන් දෙකක්  විශේෂ අමුත්තක් සඳහා වෙන් වේ. විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව මගින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලබයි.

 

(36698)

 

ඡායාරූපය - සුදර්ශන ලක්මාල්