නෙළුම් කුලුන සෑදීමේදී වංචාවක් වී ඇත්නම් කෝප් කමිටුව හරහා ක්‍රියාමාර්ග ගතයුතුයි


(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)

නෙළුම් කුලුන ඉදිකිරීමේදී රුපියල් කෝටි 200 ක වංචාවක් වී ඇති බවට ජනාධිපතිවරයා කළ චෝදනාව සම්බන්ධයෙන් කෝප් කමිටුව හරහා පරීක්ෂණයක් කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී අද (17) පැවසීය.

විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව කෝප් කමිටුව හමුවට කැඳවා වහාම ඒ සම්බන්ධයෙන් සොයා බැලිය යුතු බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයා පවසන අන්දමට මුදල් අතුරුදහන් වීමක් සිදුවී ඇත්නම් ඊට වගකිව යුතු සියලු දෙනාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගතයුතු බවද මන්ත්‍රීවරයා කීය.

ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය කිරීමට වසර 4ක් සිටීම ගැටලුවක් බවද හෙතෙම සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට බරපතල විවේචනයක් තිබෙන බව ද මන්ත්‍රීවරයා කීවේය.