නෙහාරා රඟපාපු චරිතය මම බලෙන් උදුරගත්තේ නෑ...


K-D-P-P-(1)

 

‘සුජාතා’ මේ දවස්වල රූපවාහිනියෙන් විකාශය වන ජනප‍්‍රිය ටෙලි නාට්‍යයක්. පරම්පරා කිහිපයක් එක්ක බද්ධවෙමින් ගලපාගෙන යන ටෙලි නාට්‍යයක්. කතාව ආරම්භ වුණේ සුජාතාගේ ළමා කාලයෙන්. ඒ සඳහා චරිත නිරූපණයේ යෙදුනෙ හර්ෂි රසාංගි කියන ළමා නිළියයි. ඊට පස්සේ සුජාතාලාගේ පරම්පරාව තරුණ වයසට පත්වෙද්දි සුජාතා වුණේ ජනප‍්‍රිය නිළි නෙහාරා පීරිස්. මේ මොහොත වෙනකනුත් සුජාතා නෙහාරාමයි. ඒත් මේ මාසේ විසි පස්වෙනිදා ඉඳලා මේ ටෙලි නාට්‍යයෙ ලොකු වෙනසක් සිද්ධ වෙනවා. ඒ තමයි නෙහාරා රඟපාන සුජාතාගේ චරිතය වෙනුවෙන් වෙනත් නිළියක්ව යොදා ගැනීම. විසි පස් වෙනිදායින් පස්සෙ සුජාතා නෙහාරා පීරිස් නෙමෙයි, ෂෙහානි කහඳවලයි.
අද අපි ඇත්තම කියන විශේෂාංගයට තෝර ගත්තේ ඒ අලූත් සුජාතාවයි..... ෂෙහානි කහඳවලයි.

 

K-D-P-P-(4) 
button  ෂෙහානි මොකක්ද මේ සිද්ධ වුණේ....?
‘‘ ‘සුසිල’ නිෂ්පාදන ආයතනයෙන් සුජාතාගේ චරිතය රඟපාන්න මට ආරාධනාවක් ආවා. ඒ චරිතයට මගේ කැමැත්ත තියෙන නිසා මම ඒ චරිතය රඟපාන්න භාරගත්තා. මගේ පැත්තෙන් සිද්ධවෙලා තියෙන්නේ එච්චරයි. මේ දවස්වල මම සුජාතා රූපගත කිරීම්වල යෙදිලා ඉන්නවා.

 


button ඔයා රඟපාන්නේ නෙහාරා පීරිස් රඟපාපු චරිතයනෙ.....?’’
‘ඔව්. ඒක නොදැන නෙමෙයි මම මේ චරිතය භාරගත්තේ. ඉදිරියේ සුජාතා විදිහට රඟපාන්නෙ මමයි.’’

 


button ඇයි වෙන කෙනෙක් රඟපාපු චරිතයක් ඔයා රඟපාන්න කැමති වුණේ...?
‘‘නෙහාරා විදේශගත වන නිසයි මට මේ චරිතය ලැබුණේ. මම අකමැති වුණානන් වෙන කෙනෙක්ව හරි මේ චරිතයට ගන්නවනෙ...’’

 


button නෙහාරා විදේශගත වෙන්න  ඕන නිසා මේ චරිතයෙන් ඉවත්වුණාද, එහෙම නැත්තම් නෙහාරාව චරිතයෙන් ඉවත් කිරීමක් නිසා නෙහාරා විදේශ ගතවුණාද?
‘‘මම දන්න තරමින් නම් නෙහාරා අක්කා විදේශ ගතවන නිසයි සුජාතා චරිතයෙන් ඉවත් වෙලා තියෙන්නේ..’’

 


button ඒත් කාටහරි කෙනෙකුට චෝදනා කරන්න පුළුවන් නේද ඔයා නෙහාරාව කපලයි මේ චරිතය ලබාගෙන තියෙන්නෙ කියලා.....?
‘‘ඒ වුණාට ඇත්ත දන්න අය දන්නවනෙ. වෙන කෙනෙකුගේ දෙයක් බලෙන් මට ලබා ගන්න වුවමනාවක් නෑ...’’

 


button ඔයාව සුජාතාගෙ චරිතයට තෝර ගනිද්දි ඔයා දැනගෙන හිටියද නෙහාරා චරිතයෙන් ඉවත් වෙන්නයි හදන්නේ කියලා....?
‘‘ඒ වෙද්දි මම දැනගෙන හිටියේ නෑ. මගෙන් ඇහුවෙ මේ චරිතය රඟපාන්න කැමතිද කියලයි.’’

 


button ඒ වෙලාවෙ ඔයා නෙහාරාගෙන් ඒ ගැන ඇහුවෙ නැද්ද?
 ‘‘ඇහුවා... ඒ වෙලාවෙ එයා කිව්වා එයා අයින් වෙනවා කියලා...’’

 


button ඔයයි නෙහාරායි කියන්නේ දෙන්නෙක්. ඔයාලා දෙන්නා දෙවිදියක්. ඉතින් ඔයාට හිතුනද නෙහාරා රඟපාපු චරිතය ඔයාටත් ඒ විදිහටම රඟපාන්න පුළුවන් කියලා.
‘‘මුලදිනම් පොඩි සැකයක් හිතට ඇවිත් තිබුණා. ඒත් අධ්‍යක්ෂක රන්ජන් ප‍්‍රසන්න අයියගෙ උපදෙස් මත මට අපහසුවක් නැතිව රඟපාන්න පුළුවන් වුණා...’’

 


button අධ්‍යක්ෂකවරයා ඔයාට කිව්වෙ නෙහාරා රඟපාපු විදිහම කොපි කරන්න කියලද?
‘‘නෑ... රන්ජන් ප‍්‍රසන්න අයියා මට කිව්වෙ නෙහාරා කෙනෙක් වෙන්න  ඕනෙ නෑ... ඒත් නෙහාරා රඟපාපු රිදම් එක විතරක් අල්ලගන්න කියලයි.’’

 


button සුජාතාගේ චරිතය රඟපාද්දි ඔයාට මොනම වෙලාවකවත් නෙහාරා ඒ චරිතය රඟපාන විදිහ මතක් වුණේ නැද්ද?
‘‘මතක් වුණා... සමහර විට ඒ මතක්වීම මට මේ චරිතය රඟපාන්න වාසියකුත් වෙන්න ඇති.’’

 


button මේ වගේ ජනප‍්‍රියත්වයේ ඉහළම තැනක තියෙන චරිතයක් ඔයාට ලැබීම ගැන මොකද හිතෙන්නේ?
‘‘ලොකු සතුටක් දැනෙනවා. ඒ වගේම මට ලැබුණ හොඳ ‘චාන්ස්’ එකක් කියලත් හිතෙනවා.’’

 


button අභියෝගයක් කියලා හිතුනේ නැද්ද?
‘‘හිතුනා.... හිතුනා... ඇත්තටම ලොකු අභියෝගයක් තමයි...’’

 


button නෙහාරා වෙනුවට සුජාතාගේ චරිතයට ඔයාවම තෝර ගන්න හේතුව මොකක්ද?
‘‘ඒ ගැන කියන්න මම දන්නේ නෑ...’’

 


button ෂෙහානි ඇරෙන්න මේ චරිතයට වෙන කවුරු ගැනද අධ්‍යක්ෂකවරයා හිතලා තියෙන්නේ?
‘‘මම දන්න විදිහටනම් මටම තමයි කතා කරලා තියෙන්නේ...’’

 


button ඔයා මේ දවස්වල රඟපාන වෙන ටෙලි නාට්‍ය මොනවද?
 ‘‘ ‘ඇසිඞ්’ කියන ටෙලි නාට්‍යයෙ රඟපානවා... ”ඇසිඞ්” මගේ පළමුවෙනි ටෙලි නාට්‍ය...’’

 


buttonනිළියක් වෙන්න ඔයත් පෙරුම්පුරාගෙන හිටපු කෙනෙක්ද?
‘‘නිළියක් වෙන්න කවදාවත් මම හිතපු කෙනෙක් නෙමෙයි. මේ නොහිතපු තැනකයි මම ඉන්නේ... මම හීන මැව්වෙ වෙනත් දේකට. ඒත් ඒ හීනය හැබෑ කරගන්න බැරි වුණා.’’

 


button කියන්න කැමතිද ඒ ගැනත්?
‘‘පුංචි කාලේ ඉඳලම මගේ හීනය වුණේ ගුවන් සේවිකාවක් වෙන්න. ඒත් ඒ වෙනුවෙන් මට උත්සහ කරන්න වත් අවස්ථාවක් ලැබුණේ නෑ.

 


button ඒ හීනය බොඳවෙලා අහම්බෙන් උදාවන මේ නිළිකම ගැන දැන් මොකද හිතෙන්නේ?
‘‘මේ මගේ උරුමය වෙන්න ඇති කියලා හිතෙනවා. දැන් මගේ බලාපොරොත්තුව මේ මාර්ගයේම යන්නයි.’’ 

 


button රඟපාන්න ඔයාට අවස්ථාව ලැබුණේ කොහොමද?
මියුසික් වීඩියෝ එකට පෙනී සිටින්න අවස්ථාවක් ලැබුණා. ඒ ඔස්සේ ”දෙරණ” රූපවාහිනී නාලිකාවට නිවේදිකාවක් විදිහට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. එතනින් තමයි මට ”ඇසිඞ්” ටෙලිනාට්‍යයෙ රඟපාන්න ලැබුණේ.’’

 


button දැන් ෂෙහානිගෙ වයස කියද?
‘‘අවුරුදු විස්සයි.’’

 


button ඔයාගේ පවුලෙ තොරතුරු කියන්න.
‘‘අම්මයි තාත්තයි මමයි.’’

 


button මේ කෙටි කාලය තුළ ලැබුණ අත්දැකීම් එක්ක ඔයාට හිතෙනවද කලා ලෝකය තුළ ඔයාට පයගහලා ඉන්න අපහසු නෑ කියලා?
‘‘ඔව්... මට නම් හොඳින් පයගහලා ඉන්න පුළුවන්.’’


                                      ගාමිණී වාසලසූරිය