වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල රජයේ රේඛීය ශික්ෂණ රෝහලක් ලෙස පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබේ.
නෙවිල් ප්‍රනාන්දු රෝහල ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල වැනි රජයේ රේඛීය ශික්ෂණ රෝහලක් ලෙස අවශ්‍ය සියලු පහසුකම්වලින් සමන්විතව පවත්වාගෙන යාමට නියමිතය.
ඒ අනුව කොළඹ නැඟෙනහිර මූලික රෝහලට (මුල්ලේරියාව රෝහලට) සමගාමීව කොළඹ නැඟෙනහිර ශික්ෂණ රෝහල ලෙස වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල පවත්වාගෙන යාමට අනුමැතිය ලැබී ඇත.
අධික ජන ඝනත්වයකින් යුත් නැඟෙනහිර කොළඹ, කඩුවෙල සහ මාලඹේ යන ජනාකීර්ණ ප්‍රදේශවල වෙසෙන ජනතාවට සෞඛ්‍ය සේවා සැපයීම අරමුණක් කරගනිමින් මෙම යෝජනාව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙම කැබිනට් අනුමැතිය අනුමැතිය හිමිව ඇත.
(36698)

