නෙදර්ලන්ත මහැදුරාට ලක්ෂ 15ක් දඩ
සිංහරාජ වනාන්තරයේ වෙසෙන, ශ්‍රී ලංකාවට ආවේණික හා ආවේණික නොවන කෘමීන් එකතු කළ නෙදර්ලන්ත මහාචාර්යවරයාට රත්නපුර අතිරේක මහේස්ත්‍රාත් ශානක කලංසුරිය මහතා අද (27) පහළොස් ලක්ෂ පනස් දහසක දඩයක් නියම කෙළේය. දඩ මුදල ගෙවන තුරු විත්තිකරු රිමාන්ඩ් බාරයට පත් කෙළේය.
දඩය නොගෙවන්නේ නම් මාස 6 සිර දඬුවමක් නියම කෙළේය.
මෙලෙස දඬුවම් නියම වූයේ සංචාරක වීසා මත අප්‍රේල් 5 වැනි දින ලංකාවට පැමිණි නෙදර්ලන්තයේ ඇමස්ටර්ඩෑම් නුවර පදිංචිකරුවකුවූ විජ්නාඩ් රෙයෙලොන් බරෙන්ඩ් හෙයිට්මන් (58) නමැත්තාටය.
විත්තිකරුවට එරෙහිව වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ වැටලීම් ඒකකයේ ප්‍රධානී ආර්.ඒ.ජී.බී. සමරනායක මහතා විසින් චෝදනා 25ක් ගෙනු කැර තිබිණි.එම චෝදනා 25ටම විත්තිකරු වරද පිළිගත්තේය.
අතිරේක මහේස්ත්‍රාත්වරයා විත්තකරුට තරයේ අවවාදකරමින් ශ්‍රී ලංකාව වැනි රටවලට පැමිණ මෙවැනි ක්‍රියාවල නිරත නොවන ලෙස අවවාද කෙළේය.

