නෙදර්ලන්ත ජාතික යුවලකගේ දරුවෙකු ලෙස හැදී වැඩුණු ශ්‍රී ලාංකික තරුණියක් වසර 30 කට පසු නැවත තම උපන් රටට පැමිණ දංකොටුව, සිංග්ගක්කුලිය ප‍්‍රදේශයේදී ඇයගේ සැබෑ මව සොයා ගැනීමට සමත් වූවාය.
දික්වෙල ප‍්‍රදේශයේ පදිංචි ඩී. නිමලාවතී (59) මවට දාව සදලංකාව දිසා රෝහලේදී 1985 -04 -03 වන දින ඉපදුණු නිවුන් දරුවන් දෙදෙනාම ආර්ථික දුෂ්කරතා හේතුවෙන් නෙදර්ලන්තයෙන් මෙරටට පැමිණි ජෝසේයි හා හූබ් යන යුවලට දරුකමට හදාවඩා ගැනීමට බාර දී ඇත.
චන්කල් හා ජොයිස් වෑන් බෙටල් ලෙස නෙදර්ලන්තයේ හැදී වැඩුණු මෙම දියණියන් දෙදෙනාගෙන් චන්කල් එරටදී සිදුවූ රිය අනතුරකින් මියගිය බවත් මේ වන විට තිස්වන 30 වියේ පසුවන ජොයිස් එරට ඉංජිනේරුවරියක් ලෙස කටයුතු කරන බවත් කියති.
ශ්‍රී ලංකාවේ සිටින සැබෑ මව් පියන්ගේ තොරතුරු අසා ඔවුන් දැක බලා ගැනීමට කැමැත්තෙන් ජොයිස් වෑන් තරුණිය මෙහි පැමිණියාය. මවගේ සහ දියණියගේ හමුවීම වෛද්‍ය ආර්. ජේ. ජයසේකර මහතාගේ නිවසේදී සිදුවූ අතර එය ඔවුන් දෙපලට මෙන්ම එම නිවස වෙත පැමිණ සිටි ප‍්‍රදේශ වාසින්ගේ සිතට සතුට මෙන්ම නෙතට කඳුලක් එක්කළ සංවේදී අවස්ථාවක් බවට පත්විය.








