නෙත් නැති ළමෝ නෙත් ඇති අය පිනවති


ශ්‍රී ලංකාවේ ප‍්‍රථම බ්‍රේල් පුවත්පත ”විජය බ්‍රේල්” නමින් රත්මලාන අන්ධ විද්‍යාල ශ‍්‍රවණාගාරයේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. විජය පුවත්පත් සමාගමේ අධ්‍යක්‍ෂ සුජාන් විජයවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මෙහිදී දරු දැරියන්ගේ රැඟුම් ගැයුම්වලින් උත්සවය හැඩ ගැන්විණි. විජය පුවත්පත් සමාගමේ අධ්‍යක්‍ෂ ලාල් ජයවර්ධන සහ ”විජය බ්‍රේල්” පුවත්පතේ  කර්තෘ දුමින්ද සංජීව බාලසූරිය යන මහත්වරු පුවත්පතේ මංගල කලාපය විද්‍යාලයයේ සිසුන් දෙදෙනකුට දුන්හ. ජාතික අධ්‍යාපන ආයතනයේ මාධ්‍ය අධ්‍යාපන ව්‍යාපෘති ප‍්‍රධානි බන්දුල පී. දයාරත්න, ප්ලෑන් ශ්‍රී ලංකා ආයතනයේ ජාතික උපදේශක තිස්ස රාජගුරු යන මහත්වරු විජය පුවත්පත් ආයතනයේ අධ්‍යක්‍ෂවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද අන්ධ විද්‍යාලයයේ අධ්‍යක්‍ෂ එක්සිත් ප‍්‍රනාන්දු, විදුහල්පති සන්ධ්‍යා කෝඩුරුආරච්චි යන මහත්වරුද වූහ.