පාදුක්ක මීගොඩ ගබ්සා මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය බව කියන 77 හැවිරිදි හිටපු සෞඛ්‍ය සේවිකාවක සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
පෙම්වතුන් ලෙස ඇයගේ සේවය පතා ගිය පොලිස් කතක හා පොලිස් කොස්තාපල්වරයක් මේ වැටලීමේ උපාය ධූතයෝ වූහ. මහළු කතගේ ගාස්තුව රුපියල් දස දහසකි.
පොලිස් කතට පරණ සිලිංජරයකින් එන්නතක් දීමට සැරසෙද්දී සෙසු පොලිස් නිලධරයෝ ක්‍රියාකාරී වූහ. ඇගේ සහායට සිටිනුයේ ඇගේ මෙහෙකාරියක බව කියන මන්ද මානසික තරුණියකි.
අඩු ගණනේ ඇය ගබ්සා 50ක්වත් කරන්නට ඇතැයි පොලීසිය සැක කරයි.

