මිනිස් සිරුරට අහිතකර රසායනික අඩංගුවේදැයි සේවීමට මෙරට වෙළඳ පොලේ ඇති සියළුම නූඩ්ල්ස් වර්ගවල නියැදි පරික්ෂාවක් සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කැර ඇත. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසන්නේ කිසියම් නූඩ්ල්ස් වර්ගයක එවැනි අහිතකර ද්‍රව්‍ය අඩංගුබව සනාථ වන්නේ නම් එය වෙළඳපොළෙන් ඉවත්කිරීමට කටයුතු කරන බවයි.

