(නිමල කොඩිතුවක්කු)
මෙවර පළාත් සභා මැතිවරණය සදහා විවිධ අපරාධ සහ චෝදනාවට ලක්වූ සුදුසුකම් නොමැති අපේක්ෂකයන් 80 දෙනෙකු ඉදිරිපත්ව සිටින බවට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා සමග පැවති සාකච්ඡාවකදී අනාවරණ වූ බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රි විජිත හේරත් මහතා අද(10) පැවසීය.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා සහ දේශපාලන පක්ෂ නියෝජිතයන් අතර රාජගිරිය පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ‍්‍රයේදී අද(10) පස්වරුවේ මෙම සාකච්ඡාව පැවැත්විණ.
මේ සදහා පළාත් පාළන ආයතන 25කට අධික ප‍්‍රමාණයකට තරග කරන දෙශපාලන පක්ෂ නියෝජිතයන් කැඳවා තිබිණි.
එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ විජිත හේරත් මහතා මෙසේද කීය.
‘‘මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මේ මැතිවරණය පැවැත්වීමේ නීතිරීති පිළිබඳ ඉතා දීර්ඝ පැහැදිලි කිරීමක් කළා. විවිධ අපරාධ වලට සම්බන්ධ නුසුදුසු අපේක්ෂකයන් 80 කට ආසන්න පිරිසක් මැතිවරණ කොමිෂන් සභාව විසින් හදුනාගෙන ඇති බව එහිදී සභාපතිවරයා පැවසුවා. එම නිසා ඔවුනගේ මන්ත‍්‍රිධුරය පිළිබද මැතිවරණයෙන් පස්සේ ප‍්‍රශ්නාර්ථයක් එන්න පුළුවන්. ඒ පිළිබඳ නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීම ඒ පිළිබඳ කටයුතු කරන අයගේ වගකීමක්‘‘ යැයි ද ඒ මහතා පැවසීය.
‘‘ආබාධිත පුද්ගලයන්ට ඡන්ද මධයස්ථානයේදී ලැබෙන පහසුකම් පිළිබඳවත් එහිදී සාකච්ඡා කළා. ආබාධිත අයට ඡන්දය පාවිච්චි කිරීමේදී ඡන්ද මධ්‍යස්ථානාධිපතිවරයා විසින් එම ඡන්දය ලකුණු කරනවා. එහිදී ඔහුට සහාය දැක්වීමට යොදා ගන්නා සහායකයා මාරු කිරීමට එම ඡන්ද මධ්‍යස්ථානවල සිටින දේශපාලන පක්ෂ නියෝජිතයන් මැදිහත් වන ලෙස ද කොමිසමේ සභාපතිවරයා ඉල්ලා සිටියා‘‘ යැයි ද විජිත හේරත් මහතා කීය.

