(රංජන් කස්තුරි)
වතු කම්කරු ජනතාවට ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ අරමුණෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම වතු රෝහල් මධ්‍යම රජය යටතට පවරා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ තෝරාගත් වතුරෝහල් කිහිපයක් පළමු අදියර යටතේ මධ්‍යම රජය යටතට පවරා ගැනීමට නියමිත බවද සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.
මෙරට වතුරෝහල් සියල්ලම ඉදිරි වසර 5 ක කාලය තුළදී සියලු පහසුකම් සහිත රෝහල් බවට පත්කරන බවද සෞඛ්‍ය ඇමතිවරයා ඉකුත් දා ප්‍රකාශ කර තිබේ.
මීට අමතරව වතු ආශ්‍රීත බෙහෙත් ශාලාවල ජංගම වෛද්‍ය සේවාවක් ආරම්භ කිරීම සඳහා ද සෞඛ්‍ය ඇමතිවරයා බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

