නුවරඑළියේ බසයක් මාර්ගයෙන් ඉවතට පැන 23 ක් රෝහලේ


(ෂෙල්ටන් හෙට්ටිආරච්චි සහ රංජිත් රාජපක්‍ෂ)

නුවරඑළියේ සිට පටිටිපොළ දක්වා ධාවනය වු ලංගම බස් රථයක් එම මාර්ගයේ රේන්දපොළ ප‍්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැනිමෙන් බස් රථයේ ගමන් ගත් 23 දෙනකු තුවාල ලබා නුවරඑළිය රෝහලට ඇතුළත් කර ඇතැයි නුවරඑළිය පොලිසිය පවසයි. තුවාල ලැබූ අය අතර පාසල් ළමුන් කිහිපදෙනකුද සිටින බව පොලිසිය කියයි.

බස් රථය අනතුරට පත් වන අවස්ථාවේ දැඩි වර්ෂාව සහිත කාළගුණ තත්ත්වයක් හා ඝණ මීදුම් තත්ත්වයක් තිබු බව ද පොලිසිය කියයි. තුවාල ලැබු අයගේ තත්ත්වය බරපතල නැතැයි නුවරඑළිය මුලික රෝහලේ ප‍්‍රකාශකයෙක් පැවසීය. 

හදිසියේ ඇතිවු කාර්මික දෝෂයක් හේතුවෙන් බස් රථය ලිස්සා ගොස් මෙම අනතුර සිදු වන්නට ඇතැයි අනතුර පිළිබද පරික්‍ෂණ පවත්වන නුවරඑළිය පොලිසිය පවසයි.

(ඡායාරූප-ෂෙල්ටන් හෙට්ටිආරච්චි)

(ඡායාරූප-රංජිත් රාජපක්ෂ)