නුවරඑළියේ පොදු වැසිකිලියට ලක්ෂ 150 ක්


විනීතා එම් ගමගේ
 
නුවරඑළිය නගරයේ පොදු වැසිකිලි පද්ධතියක් ඉදිකිරීමට නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යංශයේ ජල සම්පාදන හා සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමේ ඒකකය පියවර ගෙන ඇත. 


දෙමහල් ගොඩනැගිල්ලක් ලෙස ඉදිවන මෙම වැසිකිලි පද්ධතිය ලෝක බැංකු ආධාර ඇතිව ඉදිවන බවත් මේ සඳහා රුපියල් ලක්ෂ 150 ක වියදමක් දැරීමට නියමිතය.   


නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් ඉදිකෙරෙන පානීය ජල ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු පිළිබඳ සොයා බැලීම සඳහා අමාත්‍යංශ නියෝජිත පිරිසක් එම ව්‍යාපෘතියේ කළ නිරික්ෂණ චාරිකාවකින් පසු මාධ්‍ය  වෙත අදහස්  දක්වමින් අමාත්‍යංශ ලේකම් ඩී ජී එම් වී හපුආරච්චි මහතා මේ බව අනාවරණය කළේය.


ජල සම්පාදන ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 2500 ක් වැය කිරීමට නියමිත අතර එම ව්‍යාපෘතිය කඩිනම් කිරීමට මෙම නිරික්ෂණ චාරිකාව යොදා ගත් බවත් ලේකම්වරයා පැවසීය.