( රංජිත් රාජපක්ෂ )
එළඹෙන මහ මැතිවරණය සදහා නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් තරග කිරිම සදහා මෙරට පිළිගත් දේශපාලන පක්ෂ 13 ක් සහ ස්වාධින කණ්ඩායම් 15 ක් නාම යෝජනා පත්‍ර භාර දි ඇති අතර ලිබරල් පක්ෂයේ නාම යෝජනාව සහ ස්වාධින කණ්ඩායම් දෙකක නාම යෝජනා පත්‍ර විවිධ හේතුන් මත ප්‍රතික්ෂේප කර ඇති නුවරඑලිය දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරි රෝහණ පුෂ්පකුමාර මහතා පැවසිය.
එළැඹෙන මහ මැතිවරණයේදි නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට මන්ත්‍රිවරුන් 8 දෙනෙක් තොරාපත් කර ගැනිම සදහා අපෙක්ෂකයින් 275 දෙනෙකු තරග කිරිමට නියමිතය.
නුවරඑලිය දිස්ත්‍රික්කයේ මහ මැතිවරණය සදහා නාම යෝජනා පත්‍ර භාර දුන් පක්ෂ වනුයේ
එක්සත් ජාතික පක්ෂය , ශ්‍රි ලංකා නිදහස් පක්ෂය , පෙරටුගාමි සමාජවාදි පක්ෂය , අපේ ජන බල පක්ෂය , සමගි ජන බල පෙරමුණ , නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණ , ජනසෙත පෙරමුණ , ජාතික ජන බල වේගය ,ශ්‍රි ලංකා නිදහස් පොදු ජන පෙරමුණ , ශ්‍රි ලංකා සමාජවාදි පක්ෂය , සමාජවාදි සමානතා පක්ෂය , ලංකා කම්කරු පක්ෂය සහ ලිබරල් පක්ෂය.

