නුවරඑළියට අලුත් ප්‍රාසභා හතරක්


අජන්ත කුමාර අගලකඩ
 
නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා අලුතින් ප්‍රාදේශීය සභා හතරක් පිහිටුවීමට කැබිනට් මණ්ඩලය අද අනුමැතිය ලබා දී ඇත.
 
ඒ අනුව නුවරඑළිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පවතින නෝවුඩ් සහ මස්කෙළිය යන ප්‍රදේශ දෙක ද, අඹගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පවතින අගරපතන සහ කොටගල යන ප්‍රදේශ දෙකද වෙනම ප්‍රාදේශීය සභා ලෙස ගැසට් කෙරෙනු ඇත.
 
ඒ සමඟ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා අටක් දක්වා ඉහළ යනු ඇත.
 
මීට අදාල කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන ලද්දේ පළාත් පාලන හා පළාත් සභා ඇමැති ෆයිසර් මුස්තාපා මහතා විසිනි.