නුවරඑළිය මහා නගර සභාවේ පුරපති - මන්ත්‍රීවරු දිවුරුම් දෙති


ෂෙල්ටන් හෙට්ටිආරච්චි
 
පළාත් පාලන මැතිවරණයට එක්සත් පක්ෂයෙන් නුවරඑළිය මහා නගර සභාවට තේරීපත් වූ පුරපති චන්දන ලාල් කරුණාරත්න මහතා අතුළු මන්ත්‍රීවරු අද  (23) දිවුරුම් දුන්හ. 

 
මෙම  උත්සවය නුවරඑළිය මහා නගර සභා ගොඩනැගිල්ලේදී පැවැත්විණ. වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාද එම අවස්ථාවට සහභාගි විය.
 
මහා සංඝයා වහන්සේලා ඇතුලු අන්‍ය ආගමික නායකයෝද , මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරු වු ආර් රාජාරාම් , ජි එම් එම් පියසිරි , නුවරඑළිය අතිරේක දිස්ත්‍රික්ක ලේකම් මල්ලිකා අමරසේකර , ප්‍රාදේශීය ලේකම් සුජීවා බෝධිමාන්, සහකාර පළාත් පාලන කොමසාරිස් විදුර සම්පත්, නුවරඑළිය පොලිස් අධිකාරි මහින්ද දිසානායක යන මහත්ම මහත්මින් ඇතුලු ආරාධිතයින් පිරිසක් එක්ව සිටියහ.