නුවරඑළිය පොලිසිය ගැන පොලිස් මූලස්ථානයෙන් පරීක්ෂණයක්


(ඉන්දිකා රාමනායක)

පාස්කු ප‍්‍රහාරයට පෙර සහරාන් ඇතුලු පිරිසක්  නුවරඑළිය නිවාඩු නිකේතනයක පවත්වාගෙන ගිය  පුහුණු කඳවුර සම්බන්ධයෙන්  නුවරඑළිය පොලිසිය දැනුවත් කළ ද පොලිසිය ඒ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදුනොකළ බවට එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

මේ තොරතුර  අනුව පොලිසිය එහි ගොස් නිසි  පරීක්ෂණයක් සිදුකළේද  එම නිවාඩු නිකේතනය  පරීක්ෂා කර ගත් ක්‍රියා මාර්ග සම්බන්ධයෙන්  මෙම පරීක්ෂණ සිදුකරන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.

සිංහල රාවය සංවිධානයේ මහාලේකම්   මාගල්කන්දදේ සුදත්ත හිමියන් ඇතුලු පිරිසක්  පසුගියා දා නුවරඑළියේ පිහිටි එම  නිවාඩු නිකේතනය වෙත ගොස් පරීක්ෂා කර තොරතුරු විමසීමේ දී    එම නිවාඩු නිකේතනය බාර පුද්ගලයා   දන්වා සිටියේ මෙම නිවසේ සැකකටයුතු පිරිස් සිටින බවට ප්‍රදේශයේ පුද්ගලයෙක් පොලිසියට දැනුම් දී ඇති බවත් පොලිසිය ඒ පිළිබඳව නිසි පරීක්ෂණයක් සිදු කළ බවත්ය.