නුවරඑළිය හිටපු නගරාධිපතිට සිතාසි


(නිමන්ති රණසිංහ)


අල්ලස් පනතේ දුෂණය නම් වරදක් සිදු කළැයි නුවරඑළිය මහ නගර සභාවේ හිටපු නගරාධිපති  මහින්ද කුමාර මහතාට ලබන අගෝස්තු 07 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි  කොළඹ  ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා සිතාසි නිකුත් කළේය.
 
‘වසන්ත උදායන‘ 2013 උත්සවය සඳහා ලැබුණු මුදල් වලින්  රුපියල්  දෙලක්ෂ විසි පන්දහසක මුදලක් නගර සභාවේ පොදු අරමුදලට බැර නොකර නගරාධිපති මුදලට බැර කිරීම සම්බන්ධයෙන් චෝදනා  14 ක් යටතේ අල්ලස් කොමිසම චුදිතට එරෙහි නඩු පවරා ඇත.