(ෂෙල්ටන් හෙට්ටිආරච්චි)
නුවරඑළිය සිට රාගල දක්වා ගමන් ගන්නා මාර්ගයේ කදපොල, අලුත්පාර කොටස අද (14) දින ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් ජලයෙන් යට වී ඇති අතර රථ වාහන වලට බාධා එල්ල වී ඇත.
දින කිහිපයක සිට ඇදහැලෙන අධික වර්ෂාවට මෙන්ම සුළු වර්ෂාවකින් මෙම ස්ථානය ජල ගැලීමට ලක් වන බවත් මීට වසර කීපයකට පෙරද මෙවැනිම තත්වයක් ඇති වු බැවින් මෙම මාර්ගය අසලින් ගමන් ගන්නා උමාඔය සුද්ධ පවිත්‍ර කිරීමෙන් ජල ගැලීම් තත්වය නැවතී තිබු බව ප්‍රදේශවාසීහු කියති.
එහෙත් මේ වන විට නැවත උමාඔය ගොඩ වී ඇති අතර ජලය බැස යාම නිසි පරිදි සිදු නොවිමෙන් මෙම ස්ථානය සුළු වර්ෂාවකදී ද ජල ගැලීම් තත්වයකට ලක් වන බව ප්‍රදේශවාසිහු කියති.