ගෑස් සිලින්ඩරයක් කපා ඒ තුළ ගංජා කිලෝ ග්‍රෑම් 6ක් පුරවා ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවකු දෙල්කඳ, විජේරාම පාරේ අතුරු මාර්ගයකදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත් අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.
තණමල්විල සිට අදාළ සැකකරු ගෑස් සිලින්ඩරයට එසේ ගංජා පුරවාගෙන බස් රථයක කොළඹට රැගෙන ආ බව වැඩිදුර ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇතැයි පොලිසිය කියයි.
හෙරොයින් මිලි ග්‍රෑම් 2300ක් රැගෙන යමින් සිටි පුද්ගලයන් දෙදෙනකු නුගේගොඩ අධිකරණය අසලදී මිරිහාන පොලිසියේ නොවිසඳුණු අපරාධ අංශය මගින් අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඔවුන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී පොලිස් වසම් 10ක් තුළ සිදුකළ කොල්ලකෑම් රැසකට සම්බන්ධ බවටද අනාවරණය වී ඇති බවත් ඔවුන් සතුව තිබියදී කොල්ලකන ලද රන්මාල 18ක් හා කොල්ලකෑම් සඳහා යොදාගත් යතුරු පැදි 3ක් සොයාගත් බවත් පොලිසිය පවසයි.

![ganjaa_(1)[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/ganjaa_11.jpg)
![ganjaa_(2)[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/ganjaa_21.jpg)
![ganjaa_(3)[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/ganjaa_31.jpg)
