නුගේගොඩ අනුලාවේ විදුහල්පතිනිය ඉවතට


නුගේගොඩ අනුලා විද්‍යාලයේ විදුහල්පතිනිය වහාම ක්‍රියාත්මක වන පරිදි අධ්‍යාපන අමාත්‍යංශයට මාරු කරනු ලැබ ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

පළමු වසරට සිසුන් ඇතුළත් කිරීම ඇතුළු පරිපාලනමය ගැටලු සම්බන්ධයෙන් ඇයට එරෙහිව ඇති පැමිණිලි පිළිබඳ මූලික පරීක්ෂණයකින් පසු ඇය එසේ මාරු කරනු ලැබ ඇතැයි ද අමාත්‍යංශ ප්‍රකාශකයකු සඳහන් කළේය.