(ඩයනා උදයංගනී සහ ළහිරු හර්ෂණ)
මිලානෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරිය වූ ප්‍රවීණ ගායිකා විශාරද නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය හෙට (27) ශ්‍රී ලංකාවට රැගෙන එන බව විදේශ අමාත්‍යාංශය පවසයි.
දේහය ඇගේ ළඟම ඥාතීන් විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී භාර ගැනීමට නියමිත ය.
විදේශ අමාත්‍යාංශය සහ මිලානෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය එක්ව දේහය මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධ කටයුතු සිදුකර ඇත.

