( වසන්ත චන්ද්‍රපාල)
අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති ඓතිහාසික නීලගිරි සෑයේ සංරක්ෂණ කටයුතු කිරිමේදි චෛත්‍යයේ නැගෙනහිර වාහල්කඩින් කරඩුවක් සහ මැටි පහන් හතරක් හමුව තිබේ.
දැනට මාස කීපයක සිට පුරාවිද්‍යා දෙපාර්මේන්තුව මගින් මෙම දාගැබේ සංරක්ෂණ කටයුතු කරමින් සිටින අතර එම සංරක්ෂණ කටයුතු කිරිමේදි මතුවු කුහරයක් සෝදිසි කිරීමේදි මෙම කරඬුව දැක ගැනිමට හැකිවු බව නැගෙනහිර පුරාවිද්‍යා සහාකාර අධ්‍යක්ෂක අරුණ කුමාර නිල්මල්ගොඩ මහතා පැවසිය.
අඩි දෙකක් පමණ කුටියක් මැද මෙම කරඬුව තැන්පත් කර ඇති අතර කරඬුව වටේට මැටි පහන් තැන්පත් කර තිබේ.
2017 වසරේද මෙම දාගැබේ දකුණු දිසාවෙන් මෙවැනි කරඬුවක් හමුවු අතර එහි කරඬුව සහ පහන් එම ස්ථානයේ තබා සංරක්ෂණය කළ අතර මෙම කරඬුව සහ පහන් එම ස්ථානයේම තබා සංරක්ෂණය කරන බව නැගෙනහිර පුරාවිද්‍යා සහාකාර අධ්‍යක්ෂක අරුණ කුමාර නිල්මල්ගොඩ මහතා සදහන් කළේය.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් 2011 වර්ෂයේ සිට 2014වර්ෂය දක්වා ක‍්‍රියාත්මක කරන ලද නීලගිරි සෑය කැනීම් ව්‍යාපෘතියෙන් ලාංකේය ස්ථූප ඉතිහාසයේ විශ්මය උපදවන කරුණු රැසක් අනාවරණය කරගෙන ඇත.
මහා රූස්ස වෘක්ෂයන්ගෙන් පිරී ගරා වැටී තිබූ ස්ථූපයේ ගර්භය මේ වන විට සම්පූර්ණයෙන් මතු කරගෙන අවසන් අතර, එම කැනීම් කටයුතු වලදී ස්ථූපයේ ගරා වැටී තිබූ ගර්භයේ ගඩොල් හා පස් අතර තිබී සොයා ගත් ධාතු කරඬු සංඛ්‍යාව 300 කට අධික බව වාර්තා වේ.
දැනට නීලගිරි සෑයේ සංරක්ෂණ කටයුතු සිදුකරමින් පවතින අතර එය ඉදිරියට අඛණ්ඩව කරගෙන යන බව නැගෙනහිර පුරාවිද්‍යා සහාකාර අධ්‍යක්ෂක අරුණ කුමාර නිල්මල්ගොඩ මහතා සදහන් කළේය.