නීල නුවන් සුදු සේලෙන් වැසෙයි


ප්‍රවීන ගායන ශිල්පී විල්බට් ඇන්තනී මහතා (72)  මීගමුව - පිටිපන සිය නිවසේදී අද (15)  උදාසන අභාවප්‍රාප්ත විය.

ගම හැරදා සිදාදියට, සුදු සේල අගින් වැසු නීල නුවන්, හිරු පැයි එන සුන්දර මොහොතක නෙමඟ නොයන් පුතේ, කවියන්ගේ රස හැඟුම, ආදී ජනප්‍රිය ගීත රැසක් ඔහු ගායනා කළ ගී අතර වේ.