
(අංජුල මහික වීරරත්න)
ඉන්දියාවේ කේරළය ඇතුළු ප්‍රදේශ කිහිපයක පැතිර යන මාරාන්තික නීපා වෛරස් රෝගය ශ්‍රී ලංකාවට ඇතුළු වීමට ඇති ඉඩකඩ අල්ප බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මිය පැවැසුවාය.
මෙම රෝගය ඌරන්ගෙන් ව්‍යාප්ත විය හැකි බැවින් මෙරට සිටින ඌරන් සම්බන්ධව අවධානය යොමු කරමින් රෝග නිරීක්ෂණ කටයුතු ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව ද අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කළාය.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පේරාදෙනියේ පිහිටි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු කාර්යාලයට ගොස් මෙරට සත්ව නිෂ්පාදන කර්මාන්තය මෙන්ම මහජන සෞඛ්‍යාරක්ෂාව සඳහා ගෙන ඇති පියවර සම්බන්ධව විමසීමේදී වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මිය මේ බව සඳහන් කළාය.
එහිදී අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසූයේ නීපා වෛරස් රෝග තත්ත්වය ලංකාවට ඇතුළුවීම වලක්වා ගැනීම සඳහා වහා රෝග අවේක්ෂණ කටයුතු අරඹන ලෙසයි.
කුරුළු උණ රෝගය මෙරටට ඇතුලුවීම වලක්වා ගැනීමට හැකි වුවාක් මෙන් නීපා වෛරසය ද රටට ඇතුළුවීම වලක්වා ගැනිමට පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා එහිදී උපදෙස් දුන්නේය.

