(ඉන්දිකා රාමනායක)
නීති විරෝධීව බහුදින යාත‍්‍රාවකින් ශ්‍රී ලංකාවෙන් පලායමින් සිටි අනවසර සංක්‍රමණිකයින් 90 දෙනෙකු අද (11) අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි.
ප්‍රංශයේ ත්‍රිනුනීයන් දූපත බලා යන අතරේ මොවුන් අත්අඩංගුවට පත්ව ඇත.
මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුවට බටහිර මුහුදු ප‍්‍රදේශයෙන් බව නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කමාන්ඩර්දි දිනේෂ් බණ්ඩාර මහතා පැවසීය.
මෙම 90 දෙනා අතර එක් කාන්තාවක් සිටි බවද නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.





