‘මම උසාවිය මගින් සාක්කිකරුට ප්‍රශ්න යොමු කරනවිට පොලිසිය කොඳුර කොඳුරා සාක්කිකරුට සාක්කි දෙන විදිය උගන්වනවා. මෙම පොලිස් නිලධාරියා ඉතාම කැත විදියට හැසිරෙන්නේ‘ යැයි පානීය ජලය ඉල්ලා රතුපස්වල ප්‍රදේශයේ ජනතාව වැලිවේරිය නගරයේ උද්ඝෝෂණයක යෙදුනු අවස්ථාවේ ඇතිවූ තත්ත්වයන් මත සිදුවූ වෙඩි තැබීමකින් තරුණයන් තිදෙනෙකු මියයාමේ සිද්ධියට අදාලව ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ටිකිරි කේ. ජයතිලක මහතා ඉදිරියේ අද (17) පැවති මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නිතිඥ උපුල් දේශප්‍රිය මහතා කීය. .
නීතිඥ උපුල් දේශප්‍රිය මහතා එසේ කීවේ කොළඹ අපරාධ කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ද සිල්වා මහතාගේ මෙහෙයවීම යටතේ කොළඹ පොලිස් කේෂ්ත්‍ර බලකා මූලස්ථානයේ උප පොලිස් පරීක්ෂක රංගන තුෂාර චතුරංග මහතා සාක්කි දෙමින් සිටියදීය.
‘මේ සාක්කිකරුගෙන් ප්‍රශ්න අහන විදිය බැලූවිට පෙනී යන්නේ සාක්කි මෙහෙයවන පොලිස් නිලධාරීන් සාක්කිකරුට සාක්කි දෙන විදිය උගන්වන අන්දමයි.‘ යනුවෙන් නීතීඥවරයා කීවේය.
ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල්ද සිල්වා මහතා තමන් එසේ කළේ නැතැයිද තමන්ට සාක්කිකරුවන්ට කිසි දෙයක් ඉගැන්වීමේ අවශ්‍යතාවයක් නැතැයිද කීය.
මේ අවස්ථාවේදී පොලිස් නිලධාරීන් සහ අගතියට පත් පාර්ශවයේ නීතිඥවරුන් අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවූ අතර වෙනත් නඩු සදහා පෙනී සිටීමේ අරමුණෙන් නිතීඥ මේසයේ අසුන් ගෙන සිටි නීතිඥවරු කිහිප දෙනෙකුද නැගිට පොලිස් නිලධාරීන්ගේ හැසිරීම පිළිබදව සිය විරුද්ධවය හා අප්‍රසාදය පල කළහ.
මේ අවස්ථාවේදී අධිකරණය ඇමතූ මහේස්ත්‍රාත්වරයා දෙපාර්ශවයටම නිහ`ඩවන ලෙස දැනුම් දුන්නේය.
මෙම සිදධියේදී කදුළු ගෑස් උණ්ඩ 94 ක් ද, කඳුළු බෝම්බ 13 ක්ද එල්ල කළ බව කොළඹ පොලිස් කේෂ්ත්‍ර බලකා මූලස්ථානයේ උප පොලිස් පරීක්ෂක රංගන තුෂාර චතුරංග මහතා සාක්කි දෙමින් කීය.
මල්වතු හිරිපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.ඒ. සමන් බණ්ඩාර මගලේගොඩ සාක්කි දෙමින් යුද හමුදා බ්‍රිගේඩියර්වරයා නිලධාරීන්ද සමග උද්ඝෝෂකයන් අතරට ගිය පසු විශාල හූ හඩක් ද සමග ගල්, පොලූ, බෝතල් ප්‍රහාරයක් එල්ලවු බවත් ඉන් ටිකකට පසු වෙඩි හඩවල් ඇහෙන්න පටන් ගත්තේ යැයිද ඒ අවස්ථාවේදී උද්ඝෝෂකයන්ට ජල ප්‍රහාර හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කරන ලදැයි කීය.
හාර දහසක් පමණ උද්ඝෝෂකයින්ගේ පිටුපසින්ම සිටි පිරිස බීමතින් සිටි බව මා හදුනා ගත්තත් වැලිවේරිය නගරයේ තිබූ විදුලි ලාම්පුවලට හා වයර්වලට සිදුවුනේ කුමක්ද කියා නොදන්නා බවත් වැලිවේරිය නගරයට විදුලි ආලෝකය තිබුණාද කියා තමාට මතකයක් තැනි බවද ප්‍රධාන පොලිස් පරීකෂක මගලේගොඩ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
කොළඹ පොලිස් කේෂ්ත්‍ර බලකා මූලස්ථානයේ පොලිස් පරීක්ෂක ජයලත් හේවා පතිරණලාගේ සුජීව සම්පත් කුමාර මහතා ද සාක්කි දුන් නේය.
වැඩිදුර සාක්කි විභාගය ලබන ඔක්තෝබර 9 වැනි දින දක්වා කල් තැබිණි. සාක්කි ඉදිරිපත් කිඍීමෙන් හා ස්ව කැමත්තෙන් සාක්කි දීමට ඉදිරිපත් වන අයගේ සාක්කි සටහන් කර ගැනීමෙන් පසු වෙනත් සාක්කිකරුවන්ගේ සාක්කි ලබා ගැනීම අවශ්‍ය වන්නේ නම් පමණක් සිතාසි නිකුත් කිරීමට පියවර ගන්නා බවද මහේස්ත්‍රාත්වරයා දැන්වීය.
පැමිණිල්ල වෙනුවෙන් කොළඹ අපරාධ කොට්ඨාශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ද සිල්වා, පොලිස් පරීක්ෂක කෝරළේ මහත්වරුන් සමග සහකාර පොලිස් අධිකාරි නුවන් වෙදසිංහ මහතා පෙනී සිටියේය.
අතෘප්තියට පත් පාර්ශවය වෙනුවෙන් නීතිඥ හේමමාලි පෙරේරා හා පද්මා අමරතුංග මහත්මීන් සමග නීතිඥ උපුල් දේශපි්‍රය මහතා පෙනී සිටියේය.

